ඩෙන්මාර්ක සත්වෝද්‍යානයක විලෝපිකයන්ට ආහාර සඳහා සතුන් ඉල්ලයි – හිරුණි ලක්ෂිකා

ඩෙන්මාර්කයේ සත්වෝද්‍යානයක් තම විලෝපිකයන්ට ආහාර සැපයීමේ උත්සාහයක කොටසක් ලෙස නිරෝගී අනවශ්‍ය සුරතල් සතුන් ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇල්බර්ග් සත්වෝද්‍යානය ජීවී කුකුළන්, හාවුන් සහ ඌරන් වැනි සතුන් ලබා දෙන ලෙසයි ඉල්ලා  තිබෙන්නේ.

එම සත්වෝද්‍යානය ඉන්ස්ටග්‍රෑම් හි තැබූ සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කරනවා.

සත්වෝද්‍යානය පැහැදිලි කර තිබෙන්නේ සතුන්ගේ ස්වාභාවික ආහාර දාමය පවත්වා ගැනීමේ වගකීමක් ඇති බවත්, එම නිසා විලෝපිකයන්ගේ ආහාර වේලෙහි වැදගත් කොටසක් ලෙස ජීවී අහාර ලබා දෙන බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ විලෝපිකයින්ට අහාර සඳහා ජීවි සතුන් ලබාදීමේදී ස්වභාවික වනයේ ක්‍රියාකාරීත්වය සිහිගන්වන අතර ඒ නිසා සතුන්ගේ ස්වභාවික දින චර්යාව දැක ගැනිමේ හැකියාව පතින බවයි.

සත්වෝද්‍යානයේ විලෝපිකයන් අතර සිංහයන් සහ කොටියන් ද ඇතුළත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *