අද මධ්‍යම රාත්‍රී 12 සිට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රචාරක කටයුතු තහනම් – හිරුණි ලක්ෂිකා

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සියලුම ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කරනවා.
මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දැන්වීම් ප්‍රචාරණය කිරීම සම්මන්ත්‍රණ, උපකාරක පන්ති, සිසුන් රැස්කර උපදෙස් ලබාදීම්, සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචාරණය සිදුකිරීම ද තහනම් වන බව ඇය කියා සිටියා.
යම්කිසි පුද්ගලයකු මෙම නීති උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග පනතෙන් සහ නීතිමය කටයුතු කරන්න සිදුවෙනවා.