බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ධුරයෙන් ඉවතට!

රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනාව මත බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක එම ධූරයෙන් ඉවත්කර ඇති බව වාර්ථා වෙයි.
පුරප්පාඩු වූ ධුරය සඳහා වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා පත් කර තිබේ.
රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනාව මත ප්‍රේමසිරි රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය, කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් ලෙස බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායකට එරෙහිව චෝදනා එල්ල කර තිබුණි.