අනතුරු වලට අත වන්න දැදුරු ඔය පුංචි පාලම, පාර ලොකු කලත් පාලම ලොකු කරන්නේ නැහැ – ප්‍රසාද් පූර්ණමාල් (වීඩියෝ සහිතයි )

කොළඹ පුත්තලම මාර්ගයේ හලාවත දැදුරුඔය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයේ තිබු පාලමක ගැටීමෙන් අද 02 අලුයම අනතුරක් සිදු විණි.
මේ අනතුරින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇත .
මේ ත්‍රිරෝද රථය කොළඹ 02 සිට තලවිල පල්ලියට යමින් සිටියදී මේ අනතුර සිදුව ඇති බව වාර්තා වේ .
ප්‍රදේශවාසීන් හා පොලිස් නිලධාරීන් කියා සිටියේ අවස්ථා කීපයකදී මේ මාර්ගය පුළුල් කලත් මේ පාලම පුළුල් නොකළ බවයි
හලාවත පොලිසියේ රථ වාහන අංශය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි .