CPL CUP මංගලඑළියට – ප්‍රසාද් පුර්ණමාල්

 

 

හලාවත වැවිලි සමාගම මඟින් සංවිධානය කරන ලද CPL අභියෝගතා කුසලානය සඳහා පැවති මහා ක්‍රිකට් තරඟාවලි යේ සුරතාවය මංගලඑලිය වත්ත හිමිකර ගත් අතර
අනුසුරතාවය පලුගස්වැව වත්ත හිමිකර ගන්නා ලදී .

හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයීය ක්‍රීඩාංගනයෙදී මෙය පැවැත්විණි .

මේ තරගාවලිය සදහා කණ්ඩායම් 09ක් සහභාගී විණි.

මෙහිදී ජයග්‍රාහක කණ්ඩායම සඳහා මුදලින් රු.30,000/- ක් සමඟ ශූරතා කුසලානයද, අනුශූරතාවය සඳහා මුදලින් රු.15,000/-ක් සමඟ අනුශුරතා කුසලානය
පිරිනැමිණි .

සමස්ත තරඟාවලියේ වීරයා තම්බපණ්නි වතු කොට්ඨාශයේ බී. බාලචන්ද්‍රන් මහතා හිමිකර ගත් අතර, හොඳම පන්දු යවන්නා වශයෙන් මංගලඑළිය වතු
කොට්ඨාශයේ ඩී.ඒ. ඉෂාන් ලහිරු මහතා සහ දක්ෂතම පිතිකරු වශයෙන් මංගලඑළිය වතු කොට්ඨාශයේ ඊ.ඒ. මිලාන් තාරක මහතා කුසලාන හිමිකර ගනු ලැබීය.

මෙහිදී කාන්තා කණ්ඩායම් දෙකක් දැදුරු ඔයෙන් එපිට සහ දැදුරු ඔයෙන් මෙපිට ලෙස තරඟ කල අතර, ජයග්‍රහණය දැදුරු ඔයෙන් මෙපිට කණ්ඩායම හිමිකර ගනු ලැබීය.
CPL අභියෝගතා කුසලාන මහා ක්‍රිකට් තරඟාවලිය හලාවත වැවිලි සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී චන්දන දිසානායක මහතාගේ උපදෙස් පරිදි
ප්‍රධාන කාර්යාලයේ සුභ සාධක සංගමය මඟින් සංවිධානය කරන ලදී.

සේවකයන් දිරිගැන්වීම හා ඒ තුලින් පලදායි සේවයක් ලබා ගැනීම මේ වැඩපිළිවෙලේ එක් අරමුණක් බව හලාවත වැවිලි සමාගමේ සභාපති/ප්‍රධාන විධායක
නිලධාරී චන්දන දිසානායක මහතා පැවසිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *