මහ දේවාලයන්හි කප් සිටුවිම අද අලුයම – නදීක දයා බණ්ඩාර

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ ආරම්භය නිමිත්තෙන් නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හී කප් සිටුවීම අද පෙරවරුවේ සිදු කෙරිණි.
උදෑසන 06 පසුවී මිනිත්තු 05ට යෙදුණු සුබ මොහොතින් සිව් මහා දේවාලයන්හී කප් සිටුවීම සිදුවිය.
ඒ අලුත්නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාලයෙන් කපා වැඩම කරන ලද කප ඊයේ පස්වරුවේ මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දැඩි මුණ්ඩ දේවාලයේදී සිව් මහා දේවාල සඳහා බෙදා හැරීමෙන් අනතුරුවය.
ඇසළ පෙරහැර ආරම්භය නිමිත්තෙන් එම කප සිටුවීම සිදුවූ අතර සිව් මහා දේවාලයන්හී ප්‍රධාන දේවාලය වන විෂ්ණු දේවාලයේ කප් සිටුවීමේ අවස්ථාව සඳහා එහි බස්නායක නිලමේ මහීන්ද්‍ර රත්වත්තේ මහතාගේ ආරාධනයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද සහභාගීවිය.
නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලියු.එස්.බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම දේවාලයේ කප් සිටවූ අතර පත්තිනි දේවාලයේ කප් සිටුවීම සිදුවූයේ එහි බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි.
මහනුවර කතරගම දේවාලයේ කප් සිටුවීම කතරගම දේවාලයට ආවේණික චාරිත්‍ර මුල් කොට සිදුවූ අතර එය එහි බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පහක් පැවැත්වෙනු ඇත.