පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩිවීමට අදාල පනත් පාර්ලිමේන්තුවේදී සම්මත වේ!

පෞද්ගලික අංශයට ගෙවනු ලබන ජාතික අවම මාසික වැටුප අප්‍රේල් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩිකිරීමට අදාලව පනත් තුනක් මේ මස 22දා රැස්වූ පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව මෙතෙක් මසකට රුපියල් 21,000 ක්ව පැවැති පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප, මෙම පනත් සම්මතය අනුව මේ වසරේ අප්‍රේල් මස 01 වැනිදා සිට මසකට රුපියල් 27,000 දක්වා වැඩි කිරීමටත්, ජාතික අවම දෛනික වැටුප ද එදින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 700 සිට 1,080 දක්වා වැඩි කිරීමටත් පෞද්ගලික අංශය කටයුතු කළ යුතුව ඇත.
මෙම ජාතික අවම වැටුප ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30,000 දක්වාත් දෛනික වැටුප ද එදින සිට රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වාත් වැඩි කිරීමටත් වැඩි කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
තවද මෙම පනත ක්‍රියාත්මක වන දිනය තෙක් ජාතික අවම වේතනයට වඩා වැඩි වැටුපක්,මූලික වැටුප හෝ වේතනය ලෙස ලබමින් සිටි සේවකයින් සම්බන්ධයෙන් එකී අය වැය සහන දීමනාවන් අදාල මූලික වැටුපට හෝ වේතනයට වැටුපේ කොටසක් ලෙස සළකා එකතු කර ගෙවීම සිදු කෙරේ.
END/GONP/MMP/24072025