මාරවිල ඝාතනය ට හේතුව අයිස් ද ,අනියම් සම්බන්ධයද ? පොලිස් ඇස දෙපැත්තට – ( වීඩියෝ සහිතයි )

 

මාරවිල පොලිස් වසමේ ඊයේ 22 සිදුවූ වෙඩි තැබීමට හේතුව අනියම් ප්‍රේමයද නැතහොත් මත්ද්‍රව්‍ය ද යන්න පිලිබදව මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක කරන පොලිස්
නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ . ඉන් වැඩි අවධානය යොමුව ඇත්තේ අනියම් ප්‍රේමය දිසාවටයි . වසන්ති චතුරානි නැමති මේ කාන්තාව වෙන්නප්පුව කිරිමටියානේ
පිහිටි අනියම් සැමියාගේ නිවසේ සිටින අතර තුර ලැබුණු වට්සැප් ඇමතුමක් නිසා මේ ස්ථානයට තිරෝද රථයකින් පැමිණි බව කියයි .

මාරවිල පොලිස් වසමේ මැද නාත්තන්ඩිය ඉද්දමල්ගොඩ ග්‍රාමයේ මාර්ගයකදී ඊයේ 22 රාත්‍රී 09 .30 ට පමණ සිදු කල වෙඩි තැබීමකින් කාන්තාවක් මරණයට
පත්වූ
අතර දරුවෙකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කර ඇත . මේ කාන්තාවගේ වයස අවුරුදු 30 ක් වන අතර දරුවාගේ වයස අවුරුදු 10 කි .

මියගිය කාන්තාවගේ නිතයනුකුල සැමියා මත්ද්‍රව්‍ය සිදුවීමක් මත වසරකට වැඩි කාලයක සිට බන්ධනාගාර ගතව සිටින අතර අනියම් සැමියා මිට මාස තුනකට පමණ
පෙර මත්ද්‍රව්‍ය සිදුවීමක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි .

පවුලේ අයෙකු පැවසුවේ මේ කාන්තාව ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි බවයි . වසන්ති චතුරානි නමැති මේ කාන්තාව ද මත්ද්‍රවය ලග තබා ගැනීමක් සම්බන්ධයෙන්
රක්ෂිත බන්ධනාගාර ගතව සිට පැමිණ ඇත්තේ පසුගිය මාර්තු මාසයේදීයි .

22 රාත්‍රියේ මේ කාන්තාවට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ඇයගේ මහ ගෙදර ආසන්නයට පැමිණ ඇත්තේ කිරිමැටියාන ප්‍රදේශයේ සිටයි . ඒ ත්‍රිරෝද රථයකිනි
එහිදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ .

මියගිය කාන්තාවගේ මව පැවසුවේ තම දියණියගේ ක්‍රියා කලාපය හේතුවෙන් තමා ඇය සමග අමනාපයකින් පසුවූ බවයි . ඇගේ ස්වාමියා බන්ධනාගාර ගතව සිටියදී
තවත් පුද්ගලයෙකු සමග සම්බන්ධතාවයක් පවත්වමින් මත්ද්‍රවය පාවිච්චි කල බවද ඇය වැඩිදුරටත් පැවසුවාය . ” මම කිව්වා දරුවෝ දෙන්නෙක් ඉන්න නිසා හොද ජිවිතයක්
ආරම්භ කරන්න කියලා ..ඇහුවේ නැහැ තව පොඩ්ඩෙන් දරුවත් ඉවරයි . දරුවට වෙඩි වැදිලා තිබුනට ලොකු අමාරුවක් නැහැ . දැන් දරුවනට අම්මත් නැහැ තාත්තත් නැහැ

මේ සම්බන්ධයෙන් මාරවිල සහකාර පොලිස් අධිකාරී එස් ඩි ආර් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම මත මාරවිල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත .

 

මල සිරුර මාරවිල මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර අද 23 පෙරවරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විණි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *