අපවත්වී වදාළ අස්ගිරි අනුනායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට මහනුවර අස්ගිරිය ක්‍රීඩාංණයේදී – නදීක දයා බණ්ඩාර

සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක අපවත්වී වදාළ පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියව්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහ සහිතව අස්ගිරි පොලිස් ක්‍රිඩාංගණයේදී හෙට (24) පස්වරුවේ සිදු කෙරේ.
උන්වහන්සේගේ දේහය අස්ගිරි මහා විහාරීය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක අනුස්මරණ ශාලාවේ මහජන ගෞරව සඳහා මේ වන විට තැන්පත් කොට තිබේ.
හෙට පස්වරු 01.00ට රිය පෙරහැරකින් උන්වහන්සේගේ දේහය අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණය වෙත වැඩම කරවන අතර එම අවස්ථාව අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිස අවසන් ගෞරව දැක්වීමෙන් පසුව රිය පෙරහැර ගමන් ඇරඹීමට නියමිතය.
ආදාහන පුජෝත්සවය නිමිත්තෙන් මහනුවර හේමමාලි බාලිකාව, පුෂ්පදාන බාලිකාව, වාරියපොළ ශ්‍රී සුමංගල හා ශාන්ත සිල්වෙස්තර වන විදුහල් සඳහා 24 වන දින දහවල් 12.00ට පාසල් කාලය නිම කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.
මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, තානාපතිවරුන් ඇතුලු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ආදාහන පූජෝත්සවය පැවැත්විමට සංවිධාන කමිටුව සැලසුම් කොට ඇත.