බිමත් පුද්ගලයෙක් රෝහල් සේවක මාමට රෝහලේදී පහර දීලා , මාමා බලන්න රෝහලට එන අතර තුර බිමත් රියදුරෙක් බෑනා හප්පලා (වීඩියෝ ඇත )

වෙන්නප්පුව ලුනුවිල රජයේ රෝහලේදී එහි සේවකයෙකුට බිමත් පුද්ගලයෙකු සිදු කල පහරදීමකින් පසු ඔහු බැලීමට පැමිණි පුද්ගලයෙකු වාහනයකින් යට කිරීමෙන් පසු මියගොස් ඇත . මෙලෙස මියගියේ වෙන්නප්පුව කිරිමැටියානේ පදිංචිව සිටි නාලක ශ්‍රීමාල් ඉද්දගොඩ (41 )නමැති එක් දරු පියෙකි . මියගිය පුදගලයා පහර කෑමට ලක්වූ රෝහල් සේවකයාගේ දියණියගේ ස්වමි පුරුෂයායයි .
මේ අනතුර සිදු කල පුද්ගලයාද බිමත්ව සිට ඇති අතර ඔහු කොස්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත .
පසුගිය 11 වන දින රාත්‍රියේ ලුනුවිල රජයේ රෝහලට බීමතින් පැමිණි පුද්ගලයෙකු උපාලි සදසිරි නමැති සේවකයෙකුට පහර දී තිබේ . පහර කෑමට ලක්වූ සේවකයා එදිනම රාත්‍රියේ මාරවිල මුලික රෝහලට ඇතුලත් කර ඇත . රිය අනතුරෙන් මරණයට පත්වූ පුද්ගලයා පැමිණ ඇත්තේ පහර කෑමෙන් පසු මාරවිල රෝහලට ඇතුලත් කර සිටින රෝහල් සේවකයා බලිමටයි .
නාත්තන්ඩිය මිගමුව මාර්ගයේ ගිනිගල්පොල ප්‍රදේශයේදී මේ අනතුර සිදුව තිබේ .
12 වන දින පස්වරුව වන විට උපාලි සදසිරි රෝහල් සේවකයාට පහර දුන් පුද්ගලයාද උදාසිරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් 12 වන දින පෙරවරුවේ ලුනුවිල රජයේ රෝහලේ කාර්ය මණ්ඩලය වර්ජනයක නිරත විණි .
නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී එස් .ඩි .ආර් ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි උදාසිරිගම හා කොස්වත්ත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මෙහෙයවීම මත මේ සිදුවීම් දෙක සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි .