කල්පිටිය උණුසුම් , එක් අයෙක් රෝහලේ , ජාවාරම කරන්නේ පොලිසිය නාවික හමුදාව එකතු වෙලා මිනිස්සුන්න්ට ගහන්නේ ජාවාරම් වෙන දවස් වලට , සිවිල් ඇදුමින් වීඩියෝ කල තුනකට ජනතා විරෝධය

 

 

 

කල්පිටිය දළුව ග්‍රාමයේ පුද්ගලයෙකුට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු පහරදීමට විරෝධය පල කරමින් හා ,මුහුදු මගින් නීති විරෝධී ලෙස මත්ද්‍රවය හා භාණ්ඩ ප්‍රවාහනයට ශ්‍රී ලංකා පොලිසිය හා නාවික හමුදාව සහය ලබා දෙන පවසමින් ඊයේ 10 දහවල් කල්පිටිය දළුව මංසන්ධියේදී විරෝධතාවයක් පැවැත්විණි .

මෙය උණුසුම් මුහුණුවරක් ගත්තේ විරෝධතා කරුවන් කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගය අවහිර කර විරෝධය දැක්වීමත් සමග සිවිල් ඇදුමින් සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ තිදෙනෙකු වීඩියෝ කිරීමත් සමගයි . මේ සමග ඔවුන් ලුහු බැද ගොස් ඔවුන් තිදෙනා ට පිටව යාමට නොහැකි පරිදි සිටීමට විරෝධතා කරුවන් පියවර ගන්නා ලදී මෙහිදී නොරොච්චෝල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මේ නිලධාරීන් මුදවා ගැනීමට පියවර ගන්නා ලදී .

මෙහිදී විරෝධතා කරුවන් කියා සිටියේ පෙරේදා 09 රාත්‍රියේ නීති විරෝධී මත්ද්‍රවය තොගයක් ප්‍රවාහනය කල අතර ඒ සදහා අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීම සදහා මේ පහර දීම සිදු කර ඇති බවයි . පහර කෑමට ලක්වූ පුද්ගලයා ඊයේ 10 දහවල් වන විටත් පුත්තලම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබිය

නොරොච්චෝල පොලිස් ස්ථානාධිපතිවරයා විරෝධතා කරුවනට කියා සිටියේ මේ සම්බන්ධයෙන් පුත්තලම නියෝජ්‍ය පොලිස් පති වරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි .

පයකට ආසන්න කාලයක් මේ විරෝධතාවය පැවැත්විණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *