හෙට සිට ජාතික අනතුරු නිවාරණ සතියක්

ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට සිට එළැඹෙන 11 වැනි දිනය දක්වා මෙම ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.
ඒ අනුව ජූලි 7 වැනි දින මාර්ග අනතුරු වැළැක්වීම, ජූලි 08 වැනි දින සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීම, ජූලි 09 නිවෙස් සහ වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීම, ජූලි 10 දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම, සහ ජූලි 11 වැනි දිනය පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.
මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමට අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමටත්, ඉදිරීයේදී අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කෙරෙනු ඇති