සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන 20 වනදාට පෙර

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 20 වැනිදාට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ නිශ්චිත දිනය තවමත් ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි.
පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම්කරුවන් සංඛ්‍යාව 474,147 ක් පෙනී සිටියා.
ඉන් 398,182 ක් පාසල් අයදුම්කරුවන් වනවා.