උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කරයි

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, සති අන්තයේ පමණක් ධාවනය කරනු ලබන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට සිට දිනපතා ගල්කිස්ස සහ කන්කසන්තුරය අතර ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මීට අමතරව කොළඹ කොටුවෙන් පෙරවරු 05.45ට කන්කසන්තුරය දක්වා ධාවනය කරන ලද යාල්දේවි දුම්රිය ද හෙට සිට කොළඹ කොටුවෙන් පිටත්වන වේලාවද සංශෝධනය කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,