දිවයින පුරා ‘සුපෝෂ’ අලෙවිසැල් 100 ක් !

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම (SLTL) නුදුරු අනාගතයේ දී දිවයින පුරා ‘සුපෝෂ’ අලෙවිසැල් 100 ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව නිවෙිදනය කරයි.
මෙම අදහස් පළවුණේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (ජූලි 4) ජාඅැල කපුවත්තේ පිහිටි ත්‍රිපෝෂ සමාගමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවෙිදීය.
දිවයින පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන බෙදා හැරීම සමාලෝචනය කිරීමට සහ අනාගත නිෂ්පාදන මුලපිරීම් තක්සේරු කිරීම නිරීක්ෂණ චාරිකාවෙි අරමුණ විය.
මෙහි දී, සමාගමේ අනාගත සැලසුම් සහ එහි නිෂ්පාදන මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අවශ්‍ය තීරණ පිළිබඳව සාකච්ඡාවක් ද පැවැත්විණි.