ජාතික අනතුරු නිවාරණ සතියක්!

දිවයින පුරා, දිනෙන් දින ඉහලයන ,ජාතික වශයෙන්  සුවිශාල ගැටළුවක් බවට පත් වී ඇති අනතුරු  අවම කිරීමේ අරමුණින් යුතුව ” ජාතික අනතුරු නිවාරණ සතියක්” ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්ථා  ව‍ෙි.

ජූලි මස 07 වන දා සිට ජූලි මස 11 වන දා දක්වා කාලය එම සතිය ක්‍රියාත්මක වීමට නියමිත අතර මේ සතිය තුළ බහු පාර්ශ්වීය සහයෝගයෙන් දිවයින පුරා අනතුරු නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි පැවස‍ේ.

END/MMP/05072025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *