හුන්නස්ගිරිය – මීමුරේ පාරේ, කයිකාවල පාලම තාවකාලිකව වසයි

හුන්නස්ගිරිය, මීමුරේ මාර්ගයේ 28 වැනි කිලෝ මීටරය ආසන්නයේ පිහිටි කයිකාවල පාලම අසළින් එම මාර්ගය තාවකාලිකව වසා තිබෙනවා.

ඒ අනූව එම පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත පවසන්නේ.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර වූ හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙනුයි මේ පියවර ගෙන තිබෙන්නේ.
මේ අනූව විනෝද සංචාර හා වෙනත් අවශ්‍යතා සඳහා මීමුරේ වෙත, නැවත දැනුම්දෙන තුරු පැමිණීමෙන් වළකින ලෙසයි මහනුවර් දිසාපති ඉන්දික උඩවත්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *