කල්පිටියේ සංචාරක ආකර්ශනය වර්ධනය කිරීමට සංචාරක අමාත්‍යංශය හා වයඹ ආණ්ඩුකාර කාර්යාලය මගින් සංචාරක සැණකෙළියක්

කල්පිටිය අර්ධද්වීපය තුල සංචාරක ආකර්ශනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක අමාත්‍යංශය හා වයඹ ආණ්ඩුකාර කාර්යාලය මගින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවයි. මෙහි ප්‍රථම පියවර ලෙස මෙම මස 05 ,06 යන දිනවලදී කල්පිටිය කැපිටල් වින්ඩ් බීච් සංචාරක හෝටලයේදී සංචාරක සැණකෙළියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. “ඇරෝමා ඕෂන් 2025” ලෙස මෙම සංචාරක සැණකෙළිය නම් කර ඇති අතර සංචාරක අමාත්‍යවරයාගේ සහ වයඹ ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම 05 වෙනි දින එම සැණකෙළිය ආරම්භ කිරීමට නියමිතය. සංචාරක කර්මාන්තය පිළිබද දැනුවත් කිරීම් වැඩසටහන් ,
දිවයිනේ සංචාරක හෝටල් වල සූප වේදීන්ගේ සභාගිත්වයෙන් සූපවේදී තරගාවලියක්, කල්පිටිය අර්ධද්වීපයට අනන්‍ය වූ මුහුදු අහාර ප්‍රදර්ශනයක් ඇතුළු , සංචාරක ක්ෂේත්‍රයට අදාල ප්‍රදර්ශන , ඇතුළු වැඩසටහන්
රැසක අංග සමන්විතය. මේ සම්භන්ධව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කල්පිටිය කැපිටල් වින්ඩ් බීච් සංචාරක හෝටලයේදී පැවැත්විණී.
ජාතික ජනබලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක නිමල් පතිරණ මහතා මෙහිදී පැවැත්වීමට නියමිත සැණකෙළිය පිළිබඳව හා කල්පිටියේ පවතින වර්තමානයේ තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ අතර මුහුද වලාල සමයේ තල්මසුන් ,ඩොල්ෆින් , ස්නොකිලින් , කිමිදුම් , දුපත් සංචාර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිදු කරන බව පුත්තලම ආසන ප්‍රධාන සංවිධායක නිමල් පතිරණ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. රුහුණු විශ්ව විද්‍යාලයේ ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ සංචාරක උපදේශක ධමිමික ලියනගේ , කල්පිටිය හෝටල් සංගමයේ සභාපති වසන්ත විතානගේ, ලේකම් සුගත් එම්මානුවෙල්,සූපවේදී ඉයන් රොෂේන්ද්‍ර යන අයද මෙහිදී අදහස් දැක්වීය මාධ්‍ය හමුවෙන් පසු කල්පිටිය අර්ධද්වීපය තුළ සංචාරක ආකර්ශනීය ස්ථාන මාධ්‍යවේදීන්ට දැක බලා ගැනීමට අවස්ථාව සැලසන ලදි. ඒ අනුව කලපුවේ බෝට්ටු සංචාරයක් , දුපත් ජිවිත හා දුපත් වල ඇති පෞරාණිකත්වය හා සංචාරක වැදගත් ස්ථාන , ,ඇතුළු ස්ථාන රැසක් පෙන්වා දෙන ලදී .