බිංගිරියේ කර්මාන්ත ශාලාවක පිපිරීමක් සමග ගින්නක් – ප්‍රසාද් පුර්ණමාල්

බිංගිරියේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක අද 03 පස්වරුවේ පිපිරීමක් සමග ගින්නක් හටගෙන තිබේ .. ප්‍රදේශවාසීන් කියා සිටියේ මේ සමග තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයෙන් රැගෙන ගිය බවයි .
මේ කර්මාන්ත ශාලාවේ ඊයම් උනුකිරිම සිදු කරන අතර ඊයම් බොර ගොඩ ගසා තිබු ස්ථානයක මේ පිපිරිම සිදුව ඇත . බින්ගිරිය පොලිසිය පැමිණ මුලික පරීක්ෂණ සිදු කරන අයුරු දැක ගන්නට ලැබිණි
මේ සිදුවීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු අද 03 පස්වරුවේ හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇත .
ප්‍රදේශවාසීන් කියා සිටියේ වසර ගණනාවක සිට මේ කර්මාන්ත ශාලාවේ මෙවැනි සිදුවීම් වන අතර මේ හේතුවෙන් තමනට ජිවත් වීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි