දැඩි පියවර – හානිකර ප්ලාස්ටික් ළදරු අයිතමවලට එරෙහිව

කිරි බෝතල්, දිවා ආහාර පෙට්ටි, වතුර බෝතල් සහ සෙල්ලම් බඩු වැනි හානිකර ප්ලාස්ටික් ළදරු අයිතම ආනයනය කරන්නන්ට සහ නිෂ්පාදකයින්ට එරෙහිව ඉදිරි මාස දෙක තුළ දැඩි පියවර ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අද (03) පැවසීය.

“ළදරුවන් සඳහා සකස් කරන ලද බාල ගුණාත්මක හා හානිකර ප්ලාස්ටික් අයිතම වෙළඳපොලේ ඇති බව නියැදි පරීක්ෂණ සහ පර්යේෂණවලින් හෙළි වී තිබ‍ෙනවා,” ඔහු මාධ්‍යට පැවසීය.

තවද, හානිකර ප්ලාස්ටික් අයිතම භාවිතය සම්බන්ධයෙන් පියවර ගැනීම තීරණය කිරීම සඳහා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශ කිහිපයක් ආවරණය වන විශේෂඥ කමිටුවක් ඉදිරි මාස දෙක තුළ පත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

END/MMP/03072025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed