දාවුඩි බෝරා ජාත්‍යන්තර වාර්ෂික සමුළුව දැන් ශ්‍රී ලංකාවේ දී!

ඉන්දියාව සහ පකිස්ථානය ඇතුළු රටවලින් පැමිණී සාමාජිකයින් 10,00 කට වැඩි පිරිසක් සමුළුවට සහභාගී වන අතර, කොළඹ රැස්ව සිටින විදේශීය බෝරා ප්‍රජාවන් සඳහා සියලුම හෝටල් සම්පූර්ණයෙන්ම පිරීෙගාස් ඇති බව ද වාර්තාෙව්.
ජුනි 27 සිට ජූලි 5 දක්වා, බහාලුම් ට්‍රක් රථ සහ වැලි සහ බොරළු රැගෙන යන ටිපර් ට්‍රක් රථ ඇතුළු බර වාහන, මරදානේ ඩාර්ලි පාර, ගාමිණී වටරවුම සහ ඩී.ආර්. විජේවර්ධන මාවතට දිනපතා පෙ.ව. 7:00 සිට ප.ව. 10:00 දක්වා ඇතුළුවීම සීමා කර ඇත.
සමුළුවෙි සහ ප්‍රදර්ශනයේ කාර්යයන් වෙනුවෙන්, ෙමම දිනවල පෙ.ව. 7:00 සිට පෙ.ව. 11:30 දක්වා සහ නැවත ප.ව. 3:00 සිට රාත්‍රී 10:00 දක්වා එකී පළාත තුළ දී රථවාහන සීමා ක්‍රියාත්මක වේ. වැල්ලවත්ත සහ කොල්ලුපිටිය අතර මැරීන් ඩ්‍රයිව් ඔස්සේ දෙපැත්තටම බර වාහන ගමන් කිරීම සීමා කෙරේ.
බම්බලපිටිය පොලිස් වසම තුළ ග්ලෙන් ආබර් ප්‍රදේශයට වාහන ප්‍රවේශය සීමා කරන බවත්, උත්සව වේලාවන් තුළ ඇඩිමලේ ප්‍රදේශයට ඇතුළුවීමට පදිංචිකරුවන්ට පමණක් අවසර දෙන බවත් පොලිසිය නිවේදනය කළේය.