චෙම්මනි මිනිස් අස්ථි කොටස්: කැණීම්වලින් මෙතෙක් හෙළිවූ කරුණු සහ නවතම ඡායාරූප

යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයෙන් හමුවූ භාණ්ඩ හා අස්ථි කොටස් එකිනෙක වෙන් කිරීමේ කටයුතු ජූනි 1 දිනයේ සිදුකළ බව කැණීම් නිලධාරීහු පවසති.

මේ දක්වා එම ස්ථානයෙන් මිනිස් සිරුරු 33කට අදාළ අස්ථි කොටස් මතු කරගෙන ඇති බව එම එම නිලධාරීහු පැවසූහ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ තෙවන අදියරේ කැණීම් කටයුතු 6 වන දිනට ඊයේ (ජූනි 1) සිදු කෙරිණි.

තෙවන අදියර ජූනි 26 වන දා නැවත ආරම්භ කරනු ලැබූ අතර, එම කටයුතු දින 15ක් පුරා සිදු කිරීමට නියමිත ය.

කැණීම් ස්ථානයෙන් විවිධ භාණ්ඩ හමුවීම

කැණීම්වලදී හමුවූ ද්‍රව්‍ය වෙන් කිරීමේදී ඒවා අතර තිබී රබර්වලින් සාදන ලද බෝනික්කෙකු, සපත්තු යුගලක් සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් හමු වී ඇතැයි අතුරුදන් වූවන් වෙනුවෙන් පෙනී සිටින, කැණීම් කටයුතු නිරීක්ෂණය කරන නීතිඥ රනිතා ඥානරාජා පැවසුවා ය.

මෙම කටයුතු යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන්ගේ අධීක්ෂණය යටතේ ගබඩා කිරීම හා ආරක්ෂා කිරීම සිදුකෙරේ.

සම්පූර්ණ විස්තර කියවීම සදහා පහත ලින්ක් එ‍ක‍ෙන් සම්බන්ධ වන්න :  https://www.bbc.com/sinhala/articles/c5y2lz7rn8do

උපුටා ගැනීම – බීබීසී සිංහල

END/BBC/MMP/02072025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *