CID අධ්‍යක්ෂිකා මුතුමාල ඇතුලු පොලිසියේ ජ්‍යේෂ්ඨ පිරිසකට ස්ථාන මාරු

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල ඇතුලු පොලිසියේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් ස්ථාන මාරු කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව මාරු කර ඇත්තේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශණ කාර්යංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසයි.

ඊට අමතර තවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරු 03 දෙනෙකු සහ පොලිස් අධිකාරිවරයෙකු ස්ථාන මාරුකර තිබේ.  එමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරු 05 දෙනෙකුද ස්ථාන මාරුකර යවා ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

එම ස්ථානමාරුවීම් පිළිබඳ විස්තර පහතින්.

Copied : https://theleader.lk/news/33379-cid-113

END/MMP/01072025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *