මෙතෙක් පළාත් පාලන ආයතනවල බලය බෙදී ගියේ කෙසේද!

මේ වනවිට, ශ්‍රී ලංකාව තුළ පළාත් පාලන ආයතන 222ක බලය ජාතික ජන බලවේගය අත්පත් කරගෙන සිටි.

ඒ සමගම, සමගි ජන බලවේගය ආයතන 30ක් වශයෙන් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආයතන 06ක් වශයෙන් ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි ආයතන 21ක් වශයෙන් ද සිය බලය හිමිකරගෙන තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 06ක බලයත්, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය ආයතන 03ක බලයත් , පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ආයතන 02 බැගිනුුුත් හිමිකර ගෙන ඇත.

මේ අතර, වෙනත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලට හිමිව ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 18ක් වන අතර, ඇතිවූ මත ගැටුම් සහ අධිකරණ නියෝග හේතුවෙන් සභා පිහිටුවීම කල් ගිය ආයතන සංඛ්‍යාව 10කි.

Pix : Ada Derana
END/MMP/01072025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *