මාපාකඩ වැවෙන් ගිනි අවියක් හමුවෙයි

මහියංගනය, මාපාකඩ වැවේ තිබී ටී. 56 වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.
මාපාකඩ වැවේ අද (01) පෙරෙවරුවේ රැකියාවට ගිය ධීවරයෙකුගේ මත්ස්‍ය දැළක පැටලීම නිසයි මෙම ගිනි අවිය හමුවී ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් මහියංගනය පොලිසියට ලද තොරතුරක් මතයි පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ගිනි අවිය භාරයට ගෙන තිබෙන්නේ.
මෙම ගිනි අවිය කවුරුන් විසින් වැවට දැමුවේද යන්න පිළිබඳව තවමත් තොරතුරු අනාවරණය වී නැති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත් මෙය යම් අපරාධයකට භාවිතා කළ පසුව වැවට දමන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.