මාස දෙකට රුපියල් බිලියන 23ක මත්ද්‍රව්‍ය හොර පාරෙන් ලංකාවට!

මේ වසරේ (2025) අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ බහුදින ධීවර යාත්‍රා මගින් හොර රහසේ මෙරටට රැගෙන ආ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,758ක් සිය භාරයට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැටලීම් වාර 4ක් සිදුකර මෙකී මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත. එමෙන්ම ගත වූ එම මාස 2 තුළදී පමණක් සැකකරුවන් 25 දෙනෙකුද ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමේදී අත්අඩංගුවට ගත් සැකකරුන් හා මත්ද්‍රව්‍ය ප්‍රමාණය ගැන (28) පස්වරුවේ නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළේය.
එමෙන්ම සිය භාරයට ගත් සමස්ත හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 10.84ක් බවත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 12.16ක් පමණ බවත් පොලීසිය පවසයි.
එම වටිනාකමට අදාළ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය k.g 542ක් ද, අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය k.g 1216ක් ද වශෙයන් ෙපාලිස් මාධ්‍ය නිවේදනයේ පෙන්වා දී ඇත.
පිංතූරය – www.defence.lk මෙම පුවත හා සෘජු සම්බන්ධතාවක් නැත.
END/MMP/29062025