ගුවන් ගමන් බලපත්‍ර කටයුතු ගැන අනවශ්‍ය කලබල එපා!

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දී ජූනි මස 2 වන සඳුදා සිට, එක්දින හා සාමාන්‍ය සේවාවන් යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ටෝකන් පත් නිකුත් කිරීම පෙ.ව 6.30 සිට ප.ව 2ග00 දක්වා සිදුකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කර ගනු ලැබූ, එදිනට නියමිත අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ට ද ඉහත කාලසීමාව තුළ තම අයදුම්පත් එක්දින සේවාව යටතේ භාරදිය හැකි බව නිවේදනයේ සදහන් වේ.
තවද, එම කාලය තුළ ගමන් බලපත් ලබාගැනීම සඳහා පැමිණෙන සියලූම අයදුම්කරුවන් සඳහා ටෝකන් පත් නිකුත් කරනු ලබන හෙයින් පෙර දින රාත්‍රියේ සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පෝලිම්වල සිටීම අවශ්‍ය නොවන බවත්, අදාළ දිනයේ පෙ.ව 6.00 න් පසුව පැමිණ බාධාවකින් තොරව ඔබගේ අවශ්‍යතා ඉටුකර ගත හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.
ගමන් බලපත්‍ර අයදුම්පත භාරදීම ඉක්මන් කිරීම සඳහා හෝ ඉක්මනින් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කිසිදු තැරුව්කරුවෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ හෝ පිටත දී මුදල් ලබාදීමෙන් වළකින ලෙසත් විදේශ ගමන් බලපත්‍රය සඳහා අදාළ ගාස්තුව සරප් කවුන්ටරය වෙත පමණක් ගෙවා ගමන් බලපත්‍රය නිකුත් කරන කවුළුවෙන් පමණක් ගමන් බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන ලෙස ද අදාළ නිවේදනෙයන් මහජනතාවට නිවේදනය කරයි.