විදුලි සැර වැදී අවුරුදු 08ක දරුවෙකු මරුට – හිරුණි ලක්ෂිකා

මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකුට විදුලිසැර වැදී බරපතල තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ (27) මියගොස් ඇති බවට මැදවච්චිය පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 08ක් වූ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

දරුවා විසින් විදුලි හීටරයක් උපයෝගී කරගෙන වතුර රත්කිරීමට යාමේදී මෙසේ විදුලිසැර වැදී ඇති බවට විමර්ශනයේදී අනාවරණ වී ඇති අතර, මෘතශරීරය මැදවච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *