දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ධීවරයෙකු බේරා ගැනේ – හිරුණි ලක්ෂිකා

මාතර – දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක්වූ ධීවර යාත්‍රාව තුළ සිරව සිටි තවත් ධීවරයෙකු නාවික හමුදා මෙහෙයුමේදී මුදාගෙන තිබෙනවා.

නාවික හමුදාව සදහන් කළේ, ඔහු මේ වන විට ගොඩබිම කරා රැගෙන එමින් පවතින අතර, ඉන් පසු ගාල්ල ජාතික රෝහලට යොමු කිරීමට නියමිත බවයි.

මෙහිදී මීට පෙර බේරා ගැණුනු ධීවරයෙකු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තවත් එක් අයෙකු අතුරුදන්ව සිටිනවා.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ ධීවරයින් පස්දෙනෙකු සමග මුහුදු ගොස් ඇති මෙම යාත්‍රාව අනතුරට ලක්ව තිබුණේ වාණිජ නෞකාවක ගැටීමෙනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *