ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට – ප්‍රසාද් පූර්ණමාල්

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසම මගින් අද (ජූනි 27) අත්අඩංගුවට ගෙන තිබේ.

අප සිදු කළ විමසීමකදී අල්ලස් කොමිසමේ නිලධාරියෙක් මේ බව තහවුරු කළේ ය.

ගුවන්යානා මිල දී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අල්ලස් කොමිසම මගින් අද (ජූනි 27) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, එම සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *