රියදුරුට ඇතිවූ හදිසි හෘදයාබාධයක් නිසා මාරක බස්රථ අනතුරක් -හිරුණි ලක්ෂිකා

කන්තලේ නගරයේදී පාලනයෙන් ගිලිහුණු පෞද්ගලික බස් රථයක් විදුලි කණුවක, වෙළෙඳසැලක සහ නවතා තිබූ යතුරුපැදි 2ක ගැටී අනතුරක් සිදු වුණා.
බස් රථයේ රියදුරුට ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බස්රථය පාලනයෙන් ගිලිහී මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් රෝගී තත්ත්වයෙන් රියදුරු මියගියද වෙනත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.