රටවල් 13කට ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශගත වීමේදී නීති දැඩිවෙයි – හිරුණි ලක්ෂිකා

ලබන මස 01 දා සිට රටවල් 13ක් සදහා ස්වයං මාර්ගයෙන් කිසියම් සේවා යෝජිකයෙකු වෙත ගෘහස්ථ නොවන රැකියාවක් සඳහා පළමු වරට විදේශ ගත වන්නේනම් රැකියා ගිවිසුම අදාළ රටෙහි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ගෙන තිබෙනවා.
ඒ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමට පෙර රැකියා ගිවිසුම සහතික කරගැනීම මෙලෙස අනිවාර්ය කර ඇති රටවල් වන්නේ, සෞදි අරාබිය, කුවේට්, බහරේන්, කටාර්, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මලයාසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයයි.
ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සලකා මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මේ සදහා ශ්‍රී ලංකා දූත මණ්ඩලය වෙත වෘත්තිය දැක්වෙන විදේශ ගමන් බලපත්‍රය හෝ වෘත්තිය භාවය සනාථ කරන ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළා.