ලබන මස 9 වනදා පාසල්වල මදුරු මර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් – ඉමල්ෂා නෙත්මිණි

මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු‍ පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක් ලබන මස 09 වන දා දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්වයි. “ක්ලීන් ශ්‍රී ලංකා දිනය” ලෙස එය නම්කර ඇති අතර, රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගෙන ඒවා ඉවත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එදින සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මීට සමගාමිව මෙරට පාසල් දහදහස් අනූ හයම ආවරණය වන පරිදි චිත්‍ර, පොස්ටර් ප්‍රදර්ශන, මෙන්ම දැනුවත් කිරීමේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් ද සිදු කරනු ඇති.
මෙම වැඩසහටන ඉදිරියේදී විද්‍යා පීඨ හා වෘත්තීය අධ්‍යාපන ආයතනවල ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *