යුධ වින්දිතයින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් හමුවෙති!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් අද දින – ජුනි 25 , නැගෙනහිර පළාතේ සංචාරය කළ අතරතුර, දෙමළ යුධ වින්දිතයින්, අතුරුදහන් වූවන්ගේ පවුල් සහ සිවිල් සමාජ කණ්ඩායම් විසින් අද උදෑසන ත්‍රිකුණාමලයේදී සාමකාමී විරෝධතාවක් පැවැත්වූහ.
අතුරුදහන් වූ තම ආදරණීයයන්ගේ ඡායාරූප සහ යුක්තිය ඉල්ලා සිටින වදන් සහිත ඉංග්‍රීසි සහ දමිළ බසින් යුත් පුවරු අතැතිව විරෝධතාකරුවන් මහ කොමසාරිස් පැමිණෙන දෙපස සිටිමින් ඔහු පිළිගත්හ.
මෙහිදි, ඉතා කඩිනමින් විසඳාගත යුතුව ඇති හදිසි ඉල්ලීම් සහිත ප්‍රකාශයක් මානව හිමිකමි මහ කොමසාරිස්වරයා වෙත භාර දුන් අතර ඉංග්‍රීසි පරිවර්ථන සමගින් මහ කොමසාරිස් වරයා සමග කෙටි සංවාධයක ද යෙදුණි.
යුද්ධය අවසන් වී වසර 16 කට පසුවත් අඛණ්ඩව සිදුවන හමුදාකරණය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, ඉඩම් අත්පත් කර ගැනීම් සහ දෙමළ ප්‍රදේශ ක්‍රමානුකූලව සිංහලකරණය කිරීම ඔවුන් ඉස්මතු කළ කාරණා අතර විය.
විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කඩිනම් අවදානය ඉල්ලා සිටිමින් මහ කොමසාරිස්වරයා වෙත භාරදුන් ලිපියේ සඳහන් වූ ඉල්ලීම් වුයේ,
■ජන සංහාරය සහ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ යුක්ති යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්න.
■චෙම්මානි , මන්නාරම සහ අනෙකුත් ස්ථානවල සමූහ මිනී වළවල් විමර්ශනය කිරීමට ජාත්‍යන්තර විශේෂඥයින්ට ඉඩ ලබා දෙන්න.
■මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සඳහා ශ්‍රී ලංකාව ICJ වෙත යොමු කරන්න.
■ඉඩම් අත්පත් කර ගැනීම නවතා අල්ලාගෙන සිටින ඉඩම් දෙමළ ප්‍රජාවන්ට ආපසු ලබා දෙන්න.
■දෙමළ උරුමයන් සහ සුසාන භූමි, රාජ්‍ය විනාශයෙන් ආරක්ෂා කරන්න.
■අතුරුදහන් වූවන් සඳහා පිළිතුරු සහ වින්දිතයින් සඳහා යුක්තිය ඉල්ලා සිටින්න.
■ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ආරක්ෂණ පනත වැනි මර්දනකාරී නීති අවලංගු කරන්න.
■ක්‍රියාකාරීන්ගේ සහ සිවිල් සමාජයේ ආරක්ෂාව සහතික කරන්න.
■දෙමළ අයිතිවාසිකම්, ජාතිකත්වය සහ නිජබිම පිළිගන්නා දේශපාලන විසඳුමක් සඳහා තල්ලු කරන්න.
Pix – Kumanan
END/MMP/25062025