මොරටු මුහුදෙන් හදුනානොගත් උපකරණයක්!

මොරටුව ශ්රමදාන මාවතේ මුහුදේ පාවෙමින් තිබූ තිබු යම්කිසි උපකරණයක් රදේශවාසීන්ගේ සහයෙන් ගොඩබිමට රැගෙන ආ බව මොරටුව පොලිසිය පවසනවා.
වෘත්තාකාර හැඩයෙන් යුත් එම උපකරණයේ මැද කුඩා සර්කිට් එකක් දක්නට ලැබෙන අතර ජංගම දුරකථන හා සමාන කුඩා සූර්ය පැනල හතරක් දක්නට ලැබෙන බවද පවසන පොලීසිය, මෙම උපකරණය නිශ්චිත වශයෙන් තවමත් හඳුනා ගෙන නොමැති අතර, යම්කිසි තවත් උපකරණයකට සවිකර තිබී ගැලවී යාමෙන් අනතුරුව මුහුදේ පාවෙන්නට ඇති බවට පොලිසිය සැක පළකර සිටි.