”තෙල් මිල ඉහළ යාමේ අවදානමක් තියෙනවා” ඇමති නලින්ද – හිරුණි ලක්ෂිකා

මැදපෙරදිග උද්ගත වී ඇති යුදමය තත්ත්වය හමුවේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල විය හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකඡාවට එක්වෙමින්.

ඊශ්‍රායලයේ සහ ඉරානයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිටින අතර ප්‍රේෂනවලට යම් බලපෑම් විය හැකි බවත්, සමස්තයක් ලෙස ලෝකයේ තෙල් මිල ඉහළ යාමේ අවධානනමක් පවතින බවත් අමාත්‍යවරයා පවසා සිටියා.
එමෙන්ම තේ ඇතුළු භාණ්ඩ අපනයනය කිරීමේදී ගැටලු ඇතිවිය හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවත් ඒ අනුව අමාත්‍ය විජිත හේරත්, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, අමාත්‍ය වසන්ත සමරසිංහ සහ අමාත්‍ය කුමාර ජයකොඩි මෙම කමිටුවේ සාමාජිකත්වය දරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *