උසස් පෙළ විභාගයට දින නියම වෙයි – හිරුණි ලක්ෂිකා

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට 2025 දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව 2025 ජුනි මස 26 දින සිට 2025 ජුලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවද සඳහන්.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පෞද්ගලික අයදුම්කරුවන් මෙම විභාගය සඳහා අයදුම් කිරීමට තම ජාතික හැදුනුම්පත් අංකය භාවිතා කළ යුතු බවයි.
https://www.doenets.lk/ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාල උපදෙස් කියවා ඒ අනුව ම නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.
අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවද එහි සඳහන්.

එමෙන්ම පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළයුතු පරිශීලක නාම (user name) හා මුර පද (password) පාසල් ප්‍රධානීන් වෙත ලබා දී තිබෙනවා.
2025 ජුලි මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12.00න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැකි බවයි වාර්තා වන්නේ.
කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ද එම නිවේදනය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් කිසියම් වීමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දැක්වෙන දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් විමසීම් කළ හැකියි.
දුරකථන අංක
0112784208/0112784537/0112785922
ක්ෂණික ඇමතුම් අංකය 1911
විද්‍යුත් තැපෑල gcealexam@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *