අගමැතිනිය කැනඩාව බලා පිටත්ව යයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ රැස්වීමට සහභාගී වීම සඳහා අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගියාය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ රැස්වීම ජුනි 24 සිට 26 දක්වා කැනඩාවේ වැන්කුවර් හිදී පැවැත්වේ.
සමුළුව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ළමුන් සහ කාන්තාවන්ගේ අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය, ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ක්‍රියාකාරී ඉගෙනීම වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීම යන ප්‍රධාන අංශ කෙරෙහි ය.
නවෝත්පාදන හා පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම, ඵලදායී අධීක්ෂණ සහ ඇගයීම් රාමු ක්‍රියාත්මක කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම යන මාතෘකා කෙරෙහි ද සාකච්ඡා අවධානය යොමු කෙරේ.