බුදධ ශාසන ඇමති යාපහුවේ සංචාරයක – මොහොමඩ් ආසික්

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඊයේ (22) යාපහුව පුරාවිද්‍යා භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඓතිහාසික උරුමයන් නිසි පරිදි සංරක්ෂණය කිරීමට අවශ්‍ය විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා පැවසීය.
යාපහුව ව්‍යාපෘතියට පැමිණි අමාත්‍යවරයා, යාපහුව පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදුකර ඇති කැණීම්, සංරක්ෂණ, භූ දර්ශන හා නඩත්තු කටයුතු පිළිබඳව අවධානය යොමු කළේය.
ඉන් අනතුරුව යාපහුව රජමහා විහාරාධිපති අතිපූජ්‍ය මීගම්මන සිරිරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් අමාත්‍යවරයා උන්වහන්සේ සමඟ යාපහුව සංචාරක ආකර්ෂණ කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සිදුකළ යුතු කාරණා පිළිබඳ සාකච්ඡාවකද නිරත විය.
වයඹ පාළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුසිත මෙන්ඩිස්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ යන මහත්වරුන්ද ජනතා නියෝජිතයින් ඇතුලු පිරිසක්ද මේ සඳහා එක්වූහ.