ප්‍රජා සහෝදරත්වයෙන් පොලිස් නිළධාරීන්ට අත්වැලක්!

ප්‍රජා සහෝදරත්වය සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලබන “වැළැක්වීම සහ බල ගැන්වීම” වැඩසටහන යටතේ, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිළධාරින් , සෞඛ්‍ය නිළධාරින් ඉලක්ක කරමින් මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 12 ක ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරිනියන් වෙනුවෙන් දැනුම,කුසලතා, ආකල්ප හා යහපත් මහජන සම්බන්ධතා ගොඩනැගීම පිළිබඳ උපදේශන වැඩමුළුවක් පවත්වා ඇත.
ජුනි මස 14වන දා , කටාන දෙමන්හන්දියේ දී පවත්වන ලද මෙම වැඩසටහන සදහා, මීගමුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි R.M නිලන්ති රත්නායක මහත්මිය ඇතුලු නිළධාරින් කණ්ඩායමක් සහභාගි වූ අතර මනෝවිද්‍යා උපදේශක ආචාර්ය දනුෂ්ක ගනේගොඩ මහතා වැඩමුළුවේ පුහුණුකරු ලෙස කටයුතු කළ බව ප්‍රජා සහෝදරත්වය සංවිධානයේ සම්බන්ධීකාරක වසන්ත කුමාර පැවසීය.
“වැඩමුළුව අවසානයේදී සහභාගිකයින් මෙදින ලබාගත් අත්දැකීම ගැන තමන්ගේ අදහස් දැක්වූවා. මෙහිදී අදහස් දැක් වූ මීගමුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි R.M රත්නායක මහත්මිය මෙවැනි පුහුණුවක් තම රාජකාරින් සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් හා ඵලදායි වන බවත් කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට සිදුවන හිංසනයන්වල සියුම් තැන් හා හිංසනයන් වැළැක්වීම සඳහා ලබාදුන් දැනුම උපකාරිවන බවත් ප්‍රකාශ කළා” යැයි වසන්ත කුමාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.