අක්මීමන වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි – හිරුණි ලක්ෂිකා

ගාල්ල, අක්මීමන වැවේගොඩ පාරේ පිහිටි නිවසකට අද (23) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.
මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත පුද්ගලයෙකුගේ නිවසකටයි.
පොලිසිය පැවසුවේ ඔහු විසින් මීට දින කිහිපයකට පෙර කර්මාන්ත ශාලාවේ සිටි සේවකයෙකු රාජකාරි ගැටලුවක් මත සේවයෙන් ඉවත් කර ඇති බවයි.
අදාළ සේවකයා විසින් ඔහුට දුරකථන ඇමතුම් ලබා දී මීට පෙර තර්ජනය කර ඇති බව ද පොලිසිය සඳහන් කළා.
ඒ අනුව පොලිසිය සැක පළ කරන්නේ එම පුද්ගලයා විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 52ක් වාර්තා වී ඇති අතර ඉන් මිය ගිය ගණන 30ක්.