දේශපාලනයේ සුළු ජාතික භූමිකාව ප්‍රධාන පක්ෂවලින් සියයට 20 කෝටාවක් ඕන ඔක්ස්ෆර්ඩ් බෘෘක්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයකින් යෝජනාවක් – මොහොමඩ් ආසික්

ශ්‍රී ලාංකීය දේශපාලන සන්ධර්භය තුල සුළු ජන කොටස්වල නියෝජනයන් සම්බන්ධයෙන් ඔවුන් තුල පවතින අපේක්ෂාවන් සඳහා තවමත් නිසි පිළිතුරු ලැබී නැත යන්න බ්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් බෘෘක්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ෆරා මිහ්ලාර් මහත්මිය ඇතුළු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව තුල වසර දෙකක් පුරා සිදු කරන ලද “ දේශපාලනයට සුළු ජන කොටස්වල සහභාගිත්වය“ මැයෙන් වූ පර්යේෂණයකින් හෙළි වී තිබේ .
මෙම පර්යේෂණය සඳහා මානව සංවර්ධන ආයතනයේ දායකත්වය ලැබී ඇති අතරම සුළුජන අයිතින් වෙනුවෙන් පෙනී සිටින (MRG) minority Rights Group යන සංවිධානය සහ යුරෝපා සංගමයද මෙම පර්යේෂණයට දායක වී තිබේ.
මෙම පර්යේෂණයේ වාර්තාව minorityrights.org වෙබ් අඩවියද පළ කර තිබේ.
මෙම පර්යේෂණයේ ප්‍රතිපල පිළිබඳව අදහස් දක්වා ඇති ආචාර්ය ෆරා මිහ්ලාර් මහත්මිය සඳහන් කර ඇත්තේ මෑතක බලයට පත් වූ ජාතික ජන බලවේගයේ රජය සුළු ජන කොටස්වල විශ්වාසය යම් ප්‍රමාණයකට දිනා ගෙන තිබුණද පසුව පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල අනුව එම විශ්වාසය බිඳෙමින් තිබෙන බවට යම් යම් ඉඟි පෙන්වා ඇති බවයි.
ජනලේඛණ සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2012 වසරේදී සිදු කරනු ලැබූ ජන සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ජාතින් අනුව ජනගහණය මෙසේ සඳහන් වෙයි. සිංහල 1,52,52,50,081 ක් ශ්‍රී ලංකා දෙමළ 22,69,266 ක් ඉන්දියානු දෙමළ 8,39,504 ක් මුස්ලිම් 18,92,638 ක් බර්ගර් 38,293 ක් මැලේ 44,130 ක් සහ වෙනත් 22,527 ක් වශයෙන් සඳහන් වෙයි. (2024 වසරේ සංගණනයට අදාළව මෙම තොරතුරු ලබා ගත නොහැක)
ඔක්ස්ෆර්ඩ් බෘෘක්ස් විශ්ව විද්‍යාලය මගින් සිදු කර ඇති මෙම පර්යේෂණ වාර්තාව මෙරට සුළු ජන කොටස්වල දේශපාලන සහභාගිත්වය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් මෙලෙස කෙටි කර දැක්විය හැකියි.
1948 නිදහස ලැබීමෙන් පසුව මෙරට සුළු ජන කොටස් වැඩි වශයෙන් ප්‍රධාන පක්ෂ සමඟ එක්ව කටයුතු කර තිබේ. නමුත් 1983 සිට 2009 දක්වා පැවැති යුදමය තත්වය හේතුවෙන් අභ්‍යන්තර දේශපාලනයේද විශාල වෙනස්කම් දක්නට ලැබී තිබේ. මෙම කාලය තුල සියලු සුළු ජාතින් තුලින් තම තම ජාතින් නියෝජනය වෙනුවෙන් සුළු ජාතික පක්ෂ වැඩි වශයෙන් බිහි වනු දැකිය හැකි විය. මෙම පක්ෂ අතර ජාතින් නියෝජනයට පමණක් නොව පළාත් හෝ ප්‍රදේශ නියෝජනය සඳහාද පක්ෂ බිහිව ඇති බව පෙනී යයි. මේ නිසාම ප්‍රධාන පක්ෂවලින් සුළු ජන කොටස් සඳහා ලබා දුන් අවස්ථාවන් අඩු වන්නට විය. මෙයට ප්‍රධාන හේතුව ලෙස සුළු පක්ෂ සමඟ සන්ධාන ගත වීමට ඇති හැකියාව විය හැකියි. කෙසේ නමුත් මෙම පර්යේෂණය මගින් පෙන්වා දී ඇති ප්‍රධාන කරුණ වන්නේ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සියයට 20 ක් නියෝජනයන් සුළු ජන කොටස් වෙනුවෙන් ලබා දිය යුතු බවයි.
පර්යේෂණ වාර්තාව පෙන්වා දෙන ආකාරයට මෙම වාර්තාවේ වැදගත් සොයාගැනීමක් වන්නේ සුළුතර මැතිවරණ නියෝජනය සුළුතර අයිතිවාසිකම්වලින් වෙන් කළ නොහැකි බවයි. සියලුම වාර්ගික සුළුතර ප්‍රජාවන්ගේ අවධානයට ලක් නොවූ ගැටළු සුළුතර දේශපාලනයේ පැවැත්ම සඳහා සැලකිය යුතු සාධාරණීකරණයක් ලෙස පවතී. කෙසේ වෙතත්, වාර්ගික සුළුතර පක්ෂ සමඟ හෝ නැතිව මෙම දුක්ගැනවිලි විසඳීමට ජාතික පක්ෂ අසමත් වීම, සුළුතර මැතිවරණ නියෝජනය බිඳවැටීමට ප්‍රධාන සාධකයක්ව ඇති බවද එහි සඳහන් වෙයි. එය ඔවුන්ගේ අරමුණට වල කපන අතර මූලික සුළුතර අයිතිවාසිකම් ගැටළු සහ දුක්ගැනවිලි විසඳා ගත නොහැකි නම් ඔවුන්ගේ අපේක්ෂකයින් තේරී පත් විය යුත්තේ මන්ද යන ප්‍රශ්න මතු කරයි. ජාතික පක්ෂ සියලු ජනවාර්ගික කණ්ඩායම්වලට පිළිගත හැකි කල් පවතින දේශපාලන විසඳුමක් ඉදිරිපත් කර නොමැති බව, සුළුතර ආරක්ෂාව සහතික කිරීම අවශ්‍ය වනු ඇති බවත් අයිතිවාසිකම් අඛණ්ඩව මර්දනය කිරීමත් සමඟ, ඔවුන්ගේ සදාචාරාත්මක බංකොලොත්භාවය පෙන්නුම් කරන අතර ශ්‍රී ලංකාවේ සුළුතර දේශපාලනය නීති විරෝධී කරයි. පක්ෂ කැඩීම, සන්ධාන සහ සන්ධාන පිහිටුවීම සහ බිඳ දැමීම, දුර්වල නායකත්වය සහ දූෂණය වැනි වාර්තාවේ බොහෝ සොයාගැනීම් පැරණි ප්‍රධාන පක්ෂ දෙකේ ලක්ෂණ වේ. කෙසේ වෙතත්, රටේ බහුතරය නියෝජනය කිරීමේ ස්වභාවය අනුව, මෙම ගැටළු ඔවුන්ගේ දේශපාලනයට ඇති කරන බලපෑම් අඩු විනාශකාරී වේ. ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ගැටුම් ඉතිහාසයත් සමඟ, සුළුතර ප්‍රජාවන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙන් ප්‍රතිලාභ ලබන බවත් ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් සාර්ථක කර ගන්නා බවත් සහතික කිරීම ඉතා වැදගත් වේ. මෙම වාර්තාවේ සමහර සොයාගැනීම් අහම්බෙන් සිදුවන රටාවක කොටසක් විය හැකි නමුත්, අනෙක් ඒවාට සුළුතර ආරක්ෂාව සහතික කිරීම, වැළැක්වීම සඳහා හදිසි අවධානයක් අවශ්‍ය වනු ඇත.
ජාතික ජනබලවේගය පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් ලබා ගත්තද මෑතක පැවැති පළාත් පාලන මැතිවණයේ දී නාගරික සහ දෙමළ මුස්ලිම් ජන කොටස් බහුතර වහයෙන් ජීවත් වන ප්‍රදේශවල ලබා ඇති පසුබෑම ඔවුන් සිය අනාගත සැලසුම්වලදී සැලකිල්ලට ගත යුතු බව මෙම පර්යේෂණ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
මෙම පර්යේෂණයට සම්බන්ධ සුළු ජන අයිතින් වෙනුවෙන් වූ සංවිධානය වන (MRG) හි ආසියානු ප්‍රධානි යාමිනි රවින්ද්‍රන් මෙසේ සඳහන් කරයි “ දේශපාලනයට සුළුතර සහභාගිත්වය හොඳින් ක්‍රියාත්මක වන ඕනෑම ප්‍රජාතාන්ත්‍රවාදයක ප්‍රධාන ලක්ෂණයක් වෙයි.එය දශක ගණනාවක් තිස්සේ පැවැති අභ්‍යන්තර ගැටුම්වලින් ඉරි තැලී ඇති සමාජිය සිත් සැනසීමට සාමකාමි යාන්ත්‍රණයක් නිර්මාණය කරයි.තිරසාර සාමයක් සහ සංවර්ධනයක් උදා කර ගැනීමට නම් ශ්‍රී ලංකාව පූර්ණ කාලීනව කැප විය යුතුය. මෙම පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ රට එම මාර්ගයෙන් බොහෝ දුරක බව යැයිද ඇය සඳහන් කරයි.
මෙම පර්යේෂණය සඳහා දායනත්වය සැපයූ මානව සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා පී. ලෝගේෂ්වරි මහත්මිය සඳහන් කළේ මෙවන් අදහසකි.
“විශේෂයෙන් මෙම පර්යේෂණය සඳහා මඟ පෑදූ ප්‍රධාන කාරණය වන්නේ සිය වස් ගණනාවක් මේ රටේ සුළු ජන කොටස් තාඩන පීඩනවලට ලක් වෙමින් ජීවත් වීමත් ඔවුන්ට දේශපාලන නියෝජිතත්වය ලබා ගැනීමේදී පවතින අවස්ථාවන් මෙන්ම ගැටළු සොයා බැලිමත්ය. මුල් කාලයේදී සුළු ජන කොටස් ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතත්වය ලබා ගත් පිරිසක් වුණා. නමුත් පසුකාලිනව එම ප්‍රධාන පක්ෂවලින් නිසි තැනක් ඔවුන්ට නොලැබීම නිසා තමන් වෙනුවෙන් මෙන්ම සුළු ජන කොටස් වෙනුවෙන් ද වෙනම පක්ෂ බිහි කරන්නට පටත් ගත්තා. පසුගිය කාලය පුරා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවටත්, මුස්ලිම් ජනතාවටත් ඒ වගේම මලයහ දෙමළ ජනතාවටත් හිිමි තැන් නොලැබුණ බව ඔවුන්ගෙන් වරින් වර චෝදනා එල්ල වෙනවා.නමුත් මෙයට එක් එල්ලේම ප්‍රධාන පක්ෂවලට දොස් කියන්න බෑ. සුළු පක්ෂ මෙන්ම සුළු පක්ෂවල නායකත්වය තම තමන්ගේ ජන කොටස්වල අවශ්‍යතා පිළිබඳව පැහැදිලි සැලැස්මක් සකස් කර රජය වෙත භාර දී තිබිය යුතුයි. නමුත් මොවුන් එය සිදු කර නෑ.ජාතික දේශපාලනය සමඟ එක් වූ විසඳුම් මාලාවක් වත්මන රජය විසින් ගෙන එනු ඇති බව විශ්වාස කරන බවද ඇය සඳහන් කරයි.
මෙවන් තත්වයන් තුල ශ්‍රී ලංකාවේ දෙශපාලනයේ සුළු ජාතින්ගේ සහ එම පක්ෂවල සහභාගිත්වය කෙබඳුද? විමසිය යුතුයි නේද? මෙම පර්යේෂණයේ අවසන් නිගමනය ලෙස සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ සියයට 20 ක නියෝජනයක් සුළු ජාතින් සඳහා ලබා දිය යුතු බවයි.සුළු ජාතික කාන්තාවන්ට මෙන්ම ආබාධ සහිත වූවන්ටද නිසි නියෝජනයක් ලබා දිමේ වැදගත් කම මෙහි අවධාරණය කර තිබේ.