ජාත්‍යන්තර සංක්‍රමණික දිනය: ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය ඊයේ, ජුනි 20 දා කොළඹ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී පැවැත්විණි. එහිදී, මුලතිව් හි රඳවා සිටින “රෝහින්ග්‍යා සරණාගතයින්ගේ තත්ත්වය සහ ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳ වාර්තාව” යන මැයෙන් මානව හිමිකම් කොමිෂම විසින් සකස්කරන ලද පිටු 11ක වාර්තාවක් ද ඉදිරිපත් කරනු ලැබිණි.
වසය මාස 03 සිට අවුරුදු 18 දක්වා දරුවන් ඇතුලුව, වැඩිහිටි රොහින්ග්‍යා සරණාගතයින් 116ක් මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි ජීවත්වන බව වාර්තාව සඳහන් කරයි. ඔවුන්ගේ ආහාර පාන , සෞඛ්‍ය, සාමකාමීව රැස්වීමට ඇති අයිතිය සහ රැඳවුමි පහසුකම් යනාදි කාරණා පිළිබඳව ක්‍රියාත්මක විය යුතු නිර්දේශ 06ක් ද වාර්තාව හරහා ඉදිරිපත් කරයි.
මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වූ මෙම වැඩසටහන සඳහා “සරණාගතයින් සහ විදේශගතව සිට ආපසු පැමිණි පුද්ගලයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන සිවිල් සංවිධානවල නියෝජිතයින් සමග සංවාධයක්” යන මැයෙන් මෙදින වැඩසටහන සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල් ටී. බී. දෙහිදෙණිය සමග මහාාචාර්ය ෆර්ෂානා හනීෆා , මහාචාර්ය තයියමුතු තනරාජා, ආචාර්ය ගිහාන් ගුණතිලක සහ නිමල් පුංචිහේවා යන මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ද අදහස් පළකළහ.
“වර්තමාන ශ්‍රී ලංකාව, වැඩි ස්ථාවරත්වයක් භුක්ති විඳින බැවින්, එය ලෝකයේ වෙනත් ප්‍රදේශවල සිවිල් නොසන්සුන්තාව හෝ ඇතිවන ගැටුම් හේතුවෙන් පලා යන පුද්ගලයින් සඳහා ගමනාන්තයක් බවට පත්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, සරණාගතයින්/දේශපාලන රැකවරණය සොයන්නන් 394 ක් සහ රටක් නොමැති පුද්ගලයින් 118 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔවුන් තම උපන් රටවල ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල පළ කර සිටින බවත්, ඇතැම් ඇය දේශීය ප්‍රජාවන් සමග ජීවත් වන අතර අනෙක් අය නම් කරන ලද රැඳවුම් මධ්‍යස්ථාන තුනක රඳවා සිටින බව ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් මානව හිමිකම් කොමිෂම විසින් නිකුත් කළ පණිවුඩයේ සදහන් කරයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, එහි ජාතික වැළැක්වීමේ යාන්ත්‍රණය (NPM) හරහා, ඔවුන්ගේ ජාතිකත්වය හෝ නෛතික තත්ත්වය නොසලකා, සියලු පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින බව ද මානව හිමිකම් කොමිසම සදහන් කරයි.
END/MMP/21062025