උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීම හෙට කිළිනොච්චියෙන් ඇරඹේ!

පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කර තිබෙන අතර එහි සමාරම්භක උත්සවය හෙට (22) කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චියේදී පැවැත් වේ.

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුසලතා දැක් වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.

පළාත් අනුව ක්‍රියාත්මක වන එම වැඩසටහනේ පළමු වැඩසටහන හෙට කිළිනොච්චියේදී පැවැත්වෙන අතර, 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල විශිෂ්ටයෝ එහිදී ඇගයීමට ලක් කෙරේ.

ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්කවලද එලෙස දක්ෂතා දැක් වූ සිසුන් ඇගයීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටී.

END/GONP/MMP/21062025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *