ඊශ්‍රායලයේ වෙසෙන ලාංකීකයින්ට දැනුම්දීමක්

ඉරානය සහ ඊශ්‍රායලයේ පවතින යුදමය තත්වය යටතේ ඊශ්‍රායලයේ සිට ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා අදාළ දේශසීමාවට ඉදිරිපත් කිරීමට සහතික කරන ලද ලිපියක් තානාපති කාර්යාලය විසින් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

එසේ ලිපි අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් තම ගුවන් ගමන් බලපත්‍රය හා වීසා බලපත්‍රය රැගෙන තානාපති කාර්යාලයට පැමිණෙන ලෙස තානාපති කාර්යාලය දන්වා ඇත.

ඊශ්‍රායලයේ වලංගු වීසා හිමි ශ්‍රී ලාංකිකයින්ට ඊජිප්තුව හරහා ගමන් කිරීමට පැය 96ක වීසා බලපත්‍රයක් ලබාදෙන අතර, ඒ සඳහා අමෙරිකානු ඩොලර් 50ක මුදලක් ද, ඊට අමතරව දේශ සීමා ගාස්තු ලෙස ශේකල් 120 ක මුදලක් ද අයකෙරෙන බව දන්වා සිටියි.

වීසා නොමැති පුද්ගලයින් සඳහා ද අවශ්‍ය ලිපි නිකුත් කරන බව නිවේදනයේ සඳහන් වෙයි.

ඊශ්‍රායලයේ අද දින විශේෂ නිවාඩු දිනයක් වුවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘතව පවතින බවත්,
උපකාර අවශ්‍ය ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලය විසින් ලබාදී ඇති දුරකතන අංකවලට ඇමතීමෙන් උපදෙස් ලබාගත හැකි බවත්, ඊශ්‍රායල්, ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවට යාමට අපේක්ෂා කරන පුද්ගලයින්ට හෝ රාජකාරිමය කටයුතු සඳහා, ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලය වෙත පැමිණිය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

END/MMP/20062025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *