කටුනායක ගුවන්තොටුපළ කුඩා කුලී රථවලට තහංචි දමයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) සේවය ලබාගන්නා ගුවන් මගීන් මෙතෙක් කාලයක් සිය යෑම් ඊම් සහා භාවිතා කළ කුඩා කුලී මෝටර් රථ භාවිතා කිරීම නවත්වන ලෙස ගුවන්තොටුපළ සහ ගුවන් සේවා අධිකාරිය විසින් යෙදුම් මත පදනම් වූ කුලී රථ සේවාවලට හදිසියේම දන්වා ඇති අතර, එම තීරණය APPs මත පදනම් වූ කුලී රථ සේවාවන් හි නිරතවූවන් විශාල ගැටළු වලට මුහුණ දී ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව, ගුවන්තොටුපළ මගීන් රැගෙන යාම සඳහා අවසර ලැබී ඇත්තේ සෙඩාන් හෝ විශාල වාහන සඳහා පමණක් බවත්, ඒවායේ අයකිරීම් ඉතා අධික බවත් වාර්තා වෙයි.
මෙකී නව පියවර හේතුවෙන් ගුවන් තොටුපළ ඇතුලේ සිට මෙහෙයවන ටැක්සි වෙළදාම් මාෆියාවට මගීන්ගෙන් ගසා කෑම දිගටම කරගෙන යෑමට අවස්ථාව සැකැසෙන බවට අදහස් පළවේ.
කුඩා කුලී රථ භාවිතය නවතා දැමීම තුළ රාත්රියේදී හෝ තනිවම ගමන් කරන පුද්ගලයින්ට ගැටළු ඇති කරනු ඇති බවද පෙන්වා දෙන ගුවන්තොටුපොළ ආරංචි මාර්ග, තමන් ඇණවුම් කරන කුඩා වාහන සඳහා ගුවන් තොටුපළ ප්‍රදේශයෙන් පිටත ඇවිද යාමට සිදුවනු ඇති බවත් සදහන් කරයි.
කෙසේවෙතත්, මෙකී නව නීතිය පිළිබදව පැහැදිළි හේතුවක් දැනගැනීමට නොහැකිවී ඇති බව ද වාර්තාවේ.