හලාවත පනිරෙන්ඩාව රක්ෂිතය වැනසූ දෙකක් පොලිස් අත්අඩංගුවට – ප්‍රසාද් පූර්ණමාල්

හලාවත මාදම්පෙ පනිරෙන්ඩාව රක්ෂිතයේ  වල්ලපට්ටා  ගස් කැපීමේ නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු  කැපු  වල්ලපට්ටා  සමග අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසියේ
නිලධාරීන් සමත්ව තිබේ . ඊයේ   16 පස්වරුවේ මේ වැටලීම සිදු කර ඇත .ඒ සමග මොවුන් පැමිණි යතුරු පැදී දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත . අත්අඩංගුවට පත් සැකකරුවන් පන්නල යක්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත . මේ දෙදෙනා මිට පෙරද අවස්ථා කීපයකම මෙලෙස පනිරෙන්ඩාව රක්ෂිතයට ඇතුළු වී  වල්ලපට්ටා ගස් කපා කොටස් රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත .
සැකකරුවන් ඊයේ  17 හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
මාදම්පේ පොලිස් ස්ථානාධිපති සමන් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක  රත්නායක පොලිස් කොස්තාපල්  100596 දිසානයක ඇතුළු නිලධාරීන් පිරිසක්
මේ වැටලීම සිදු කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *