කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක මංගල දවස අදයි!

පසුගියදා පැවතී පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව, කොළඹ මහා නගර සභාව කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූණි. එහෙත් අද, ජුනි 16 වෙනිදා, කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම පැවැත්වීමට නියමිත අතර, එහිදී ඡන්ද විමසීමක් හරහා නව නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට ද නියමිත බව වාර්තා වෙයි.

පැවතී පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව,

ජාතික ජන බලවේගයට සභික ධුර 48ක්, සමගි ජන බලවේගයට සභික ධුර 29ක්, එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 05ක් හිමිවිය. රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 04ක්, ස්වාධීන කණ්ඩායම් අංක 03ට සභික ධුර 03ක්, සර්වජන බලයට සභික ධුර 02ක්, එක්සත් සාම සන්ධානයට සභික ධුර 02ක් ඡන්ද ප්‍රතිඵලවලට අනුව ලැබී තිබුණි.

එසේම, ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ 05ට සභික ධුර දෙක බැගින් 04ක් හිමිවිය.  ඊට අමතරව එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ ස්වාධීන කණ්ඩායම් අංක 02ට එක් සභික ධුරය බැගින් හිමිවිය.

සභික ධුර 117කින් සමන්විත කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට සභික ධුර 59ක් අවශ්‍ය වන පසුබිමක, එක් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමි නොවීම හේතුවෙන් කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීමට අදාළව එහි මංගල රැස්වීම ජුනි 16 වැනිදා , එනම් අද දින දී පැවැත්වෙන බව සඳහන් කරමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

-MMP

Leave a Reply

Your email address will not be published. Required fields are marked *