හලාවත ආනන්ද මිගමුව හරිස්චන්ද්‍ර ක්‍රිකට් සටන වැස්සට දියවෙයි – (වීඩියෝ සහිතයි ) ප්‍රසාද් පුර්ණමාල්

හලාවත ආනන්ද ජාතික පාසල හා මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල අතර වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගනයේ පැවති බටහිර වෙරළේ ක්‍රිකට් ගැටුම අයහපත් කාලගුණය හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය .
කාසියේ වාසිය දිනාගත් මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිල අශේන් විසින් හලාවත ආනන්ද ජාතික පාසල් කණ්ඩායමේ නායක උෂාන් ප්‍රනාන්දු වෙත ප්‍රථමයෙන් පන්දුවට
ළු 09 කට ලකුණු 115 ක් ලබා ගත්තාය.
අමිරු යුවීන් ලකුණු 28 , රවිඳු ලක්ෂිත ලකුණු 19 ,ඕෂද දිනෙත් ලකුණු 13, අයේෂ් උදිත ලකුණු 13, දිදුල ජයමාන්න ලකුණු 08 ,
පන්දු යැවීම (මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල් කණ්ඩායම) සදෙව් හිරුෂාන් පන්දුවාර 04 ලකුණු 21 කඩුලු 05 , හිමන්ත සඳමිණ පන්දුවාර 05 ලකුණු 35 කඩුලු 02, රශේන් ශාලිංග පන්දුවාර 05 ලකුණු 14 කඩුලු 01, මිනුග නෙත්සර පන්දුවාර 05 ලකුණු 15 ,සඛිල අශේන් පන්දුවාර 03 ලකුණු 11
පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල් කණ්ඩායම අයහපත් කාලගුණය හමුවේ තරඟය නතර කරනවිට පන්දුවාර 11 කදී කඩුලු 02 ක්දැ වී ලකුණු 57 ක් ලබාගත්හ. හිමන්ත සඳමිණ ලකුණු 26. තෙවිඳු චමත් ලකුණු 19. විදුරන පංචාල ලකුණු 08 .
පන්දු යැවීම (හලාවත ආනන්ද ජාතික පාසල් කණ්ඩායම) දෙනෙත් තේජාන් පන්දුවාර 03 ලකුණු 16 කඩුලු 01, ඕෂද දිනෙත් පන්දුවාර 03 ලකුණු 16 කඩුලු 01 ,තාරුන් කේශ්ව පන්දුවාර 03 ලකුණු 12 අෆ්‍රාස් සහීබ් පන්දුවාර 02,බෝල 02 ලකුණු 13
මෙහිදී මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ රසුල් ද සිල්වා හොඳම පන්දු රකින්නා ලෙසත් සතිවූ හිරුෂාන් හොඳම පන්දු යවන්නා ලෙසත් සම්මාන හිමි කර ගත් අතර හොඳම පිතිකරුවා ලෙස සම්මාන ලැබුවේ හලාවත ආනන්ද ජාතික පාසලේ අමිරු යුවින් ක්‍රීඩකයායි.
තරගය අවසානයේ කණ්ඩායම් වෙත පුත්තලම් දිස්ත්‍රික් ලේකම් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන දුෂ්මන්ත සමීර යන මහත්වරුන් අතින් කුසලාන පිරිනමනු ලැබීය.
මේම අවස්ථාවට මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ විදුහල්පති විමුක්ති දේශප්‍රිය සිරිවර්ධන සහ හලාවත ආනන්ද ජාතික පාසලේ විදුහල්පති අරුණ ගුණසිරි යන මහත්වරුන් සහ විද්‍යාල දෙකේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සුභ පතන්නන් හා සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.