ඉරානයෙන් ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාර 100ක් එල්ල කරයි

ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාර 100කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ අතර මෙම ප්‍රහාරවලින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී ජිවිතක්ෂයට පත්වී තිබේ.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ, මෙම ප්‍රහාර ‘ඔපරේෂන් රයිසින් ලයන් මෙහෙයුමේ’ කොටසක් බවත් ඉරානය ‘ඊශ්‍රායලයේ පැවැත්මට’ තර්ජනයක් බවත් ය.